පරාටේ නීතිය යළි බලාත්මකයි

පරාටේ නීතිය යළිත් බලාත්මකයි
පරාටේ නීතිය අද දින (01) සිට යළිත් බලාත්මක වේ.
බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් රජය මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණා.
කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙන ලදි.
ඒ නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින් රජය කටයුතු කරමින් සිටින බවයි.
මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ඉදිරියේ දී බැංකු සහ සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.