ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය

0
ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය

ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය

1990 දශකයෙන් පසු ප්‍රථම වතාවට ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ ජුනි මාසයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 72ක ප්‍රතිශතයක් අත්කරගෙන තිබෙනවා.

වසර 2030 වන විට වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සියයට 70ක් විදුලිය ලබා ගැනීමේ රටේ ජාතික ඉලක්කයට පෙර මෙය ඉටු වීම කැපී පෙනෙන ජයග්‍රහණයක්.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීම සඳහා ජල විදුලිය, ගල් අඟුරු විදුලිය, ඉන්ධන බලාගාර විදුලිය, සුළං විදුලිය, සූර්ය පැනල මගින් ලබාගන්නා විදුලිය හා ජෛව ස්කන්ධ මගින් ලබාගන්නා විදුලිය උපයෝගී කරගනු ලබයි.

විදුලිබල මණ්ඩලයේ දත්ත අනුව, පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙලෙස විදුලි උත්පාදනය සියයට 70කට ආසන්න වූ අතර 1990 දශකයෙන් පසු ප්‍රථම වතාවට මෙලෙස පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ගොස් තිබේ.

දශක කිහිපයකට පෙර 100% ක්ම විදුලි උත්පාදනය ජල විදුලිය මත රඳා පැවතුනද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර ජල තාප විදුලි උත්පාදනයක්.

විදුලි බල මණ්ඩලය වසර 2030 වනවිට සියයට 70ක් විදුලිය පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට ළඟා වෙමින් සිටියි.

මෙහි ප්‍රතිලාභ අවසානයේ ලැබෙන්නේ රටට බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මෙම සාර්ථකත්වයට සාධක කිහිපයක් බලපා ඇති අතර හිතකර කාලගුණික තත්ත්වය, සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘති සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම මෙන්ම පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවති වැඩිදියුණු කළ ජාල පද්ධතියද ඊට හේතුවක්.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70ක විදුලි උත්පාදනයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව සමහර විශේෂඥයින් ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

මෙවැනි අවස්ථාවක, ලංකා විදුලිබල මණ්ඩලය මෙම සන්ධිස්ථානය අත්කර ගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.

විදුලිබල නිෂ්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවත්, බොහෝ දිනවල පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කරයි.

2030 ට පෙර වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70ක විදුලි උත්පාදනයක් ලබා ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කෙරෙන්නේ පොසිල ඉන්ධන මත යැපීම අඩු කරන අතරම තිරසාර බලශක්තිය සඳහා රටේ අඛණ්ඩ කැපවීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com