ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයේ වැසියන්ට ඉවත්වන ලෙස නියෝග.

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ වැසියන්ට ඉවත්වන ලෙස නියෝග කරයි
ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ වැසියන්ට ඉවත්වන ලෙස නියෝග කර තිබේ.
ඒ සටන් විරාමයක් සඳහා යොමු වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කෙරෙන බල කිරීම් අතරතුරයි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් සඳහා යොමු වන ලෙස ඊශ්‍රායලයට බලකර තිබේ.
මේ හේතුවෙන් හමුදා ක්‍රියාමාර්ග වැඩි කිරීමට පෙර ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සමහර ප්‍රදේශවලින් පලස්තීනුවන්ට ඉවත් වන ලෙස නියෝග කර ඇත.
මේ අනුව ගාසා නගරය සහ ජබාලියා හරහා අසල්වැසි ප්‍රදේශවල ජනතාවට අල්-මවාසි වෙරළබඩ ප්‍රදේශය දෙසින් දකුණට යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
ගතවූ පැය 24තුළ ඊශ්‍රායල ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 86 දෙනෙකු ඝාතනයට පත්වූ බව හමාස් සංවිධානය පවසයි.
අල්-මවාසි හි ආරක්ෂිත කලාපයට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය අය අතර ළමයින් තුන් දෙනෙකු සිටින බවද වාර්තා වේ.