මන්දපෝෂණය හේතුවෙන් ගාසාහි දරුවන් 66 දෙනෙකු ජීවිතක්ෂයට – යුනිසෙෆ් සංවිධානය

මන්දපෝෂණය නිසා ගාසාහි දරුවන් 66 දෙනෙකු ජීවිතක්ෂයට - යුනිසෙෆ් සංවිධානය
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරයි.
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ ළමා මරණ සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවටයි යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවන්නේ.
ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව අනතුරු ඇඟවීම් සිදුකළද අවතැන් ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම අවහිර කිරීමට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටිම හේතුවෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරි, පෝෂණීය අතිරේක ආහාර හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය තවදුරටත් නොලැබීම හරහා ගාසා තීරයේ අවතැන්ව සිටින කුඩා දරුවන්ගේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වන බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව ඝාතනයට පත්වන හා ආබාධිත තත්ත්වයට පත්වන මෙන්ම දෙමාපියන් මිය යෑමෙන් අවතැන්වන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව අදහාගත නොහැකි ලෙස ඉහල යමින් පවතින බවටයි එම සංවිධානය අනතුරු අඟවන්නේ.