පාකිස්ථානයේ හමුදා රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්; සෙබලුන් 16 දෙනෙකු මරුට

0
පාකිස්ථානයේ හමුදා රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්; සෙබලුන් 16 දෙනෙකු මරුට

පාකිස්ථානයේ හමුදා රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්; සෙබලුන් 16 දෙනෙකු මරුට

වයඹදිග පාකිස්ථානයේ හමුදා රථ පෙළක් ඉලක්ක කරගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් සෙබලුන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කයිබර් පක්හ්තුන්ක්වා ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ඇටවූ මෝටර් රථයක් ගැටීමට සලස්වා මෙම ප්‍රහාරය සිදුකර තිබේ.

එම සියදිවි හානිකර ගැනීමේ ප්‍රහාරයෙන් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 14 දෙනෙකු සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පිපිරීමෙන් අසළ පිහිටි නිවසකට දැඩි හානි සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිසට එම නිවසේ සිටි කුඩා දරුවන් 6 දෙනෙකුද ඇතුළත්.

පසුගිය මාස කිහිපය තුලදී සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි පකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com