ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.
පසුගිය පැය 24 පුරා ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 400කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි බී බී සී පුවත් සේවය සඳහන් කරන්නේ.
ගාසා නගරයේ ක්‍රීඩාංගනයන් අසළට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුලු 11 දෙනෙකුද ඝාතනයට පත් 81 දෙනා අතරට ඇතුළත්.
එම ක්‍රීඩාංගනය අවතැන් වූ සාමාන්‍ය ජනතාවට නවාතැන් පහසුකම් ලබාදීමට භාවිතා කර ඇති බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සම්බන්ධ කර ගැනීම සඳහා බී බී සී පුවත් සේවය උත්සහ කළද එය සාර්ථක නොවූ බව ඔවුන් පවසනවා.
මේ අතර හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ලබන සතියේදී එකගතාවයකට පැමිණිය හැකි බවටයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරන්නේ.