පසුගිය දින 12 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 627ක් ජීවිතක්ෂයට; 5000කට තුවාල

පසුගිය දින 12ට ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාවල 627ක් ජීවිතක්ෂයට; 5000කට තුවාල
ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 90කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායලය ප්‍රහාරවලින් 90 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද දින (26) උදෑසන එල්ල වූ ප්‍රහාරකයින් 14 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.
මේ අතර බටහිර ඉවුරේ වාඩිලා සිටින ඊශ්‍රායලය පදිංචිකරුන් එල්ල කළ ප්‍රහාරයකින්ද පලස්තීන ජාතිකයින් තුන් දෙනෙකු ඝාතනයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දින 12තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ 627 දෙනෙකු ඝාතනයට පත්වි 5000 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ
ඉන් 500කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව ඇත්තේ ආධාර මධ්‍යස්ථාන අසල සිටියදී ප්‍රහාරවලදීයි.