ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කළ යුතුයි – UN මානව හිමිකම් මහ කොමසාරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කළ යුතුයි – UN මානව හිමිකම් මහ කොමසාරිස්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි.
මෙරට සංචාරය අවසන් කරමින් අද දින (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
එමෙන්ම ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්,
“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිය යුතුයි.
තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා” යනුවෙන්ද සඳහන් කළා.