පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමේ පහසුකම්

0
සතියේ වැඩ කරන දිනකදී පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමට පහසුකම්

සතියේ වැඩ කරන දිනකදී පැය හතරෙන් පාස්පෝට් ලබාගැනීමට පහසුකම්

තදබදයකින් තොරව එක්දින සේවය යටතේ සතියේ වැඩ කරන දිනකදී පැය හතරක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට දැන් හැකියාව පවතින බව වැඩබලන ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කවුළු 09 සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන අතර ඊට එක් දින කවුළු 08ක් සහ ප්‍රමුඛතා කවුළුවක් ඇතුළත් බවද හෙතෙම කීවේය.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට උදේ 7.00 සිට පස්වරු 4.00 දක්වා එම කවුළු විවෘතව පවතින අතර උදේ 6.00 සිට සවස 2.00 දක්වා ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා තිබෙන බවත් පැවසුවේය.

පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැඳෙමින් නිකරුණේ කාලය නාස්ති කිරීමට අවශ්‍ය නොවන අතර එක්දින සේවය යටතේ දිනකට ගුවන් ගමන් බලපත්‍ර 2000ක් පමණ නිකුත් කරනු ලබන බවත් පස්වරු 2.00 දක්වාම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට කාලය ඇති නිසා පෙරවරුවේම දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණීම අවශ්‍ය නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මෙයට අමතරව මාතර, වවුනියාව, කුරුණෑගල සහ මහනුවර පිහිටි සෑම ප්‍රාදේශීය කාර්යාලයක් මඟින් දිනකට එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර 250ක් සහ සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර 150 බැගින් නිකුත් කරන බැවින් තමන්ට ආසන්නම ප්‍රාදේශීය කාර්යාලයට ගොස් කාලය ඉතිරි කරගන්නා ලෙසද ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com