09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණි.
ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේමෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි’.
චීනය හා දකුණු ආසියානු රටවල් අතර මෙම වසරේ පැවැත්වෙන වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු වැඩසටහනක් ලෙස මෙම ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබයි.
උසස් නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ කේන්ද්‍ර කර ගත් තේමාවන්ගෙන් යුත් කුටි 11කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.
මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් 100ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයකි.
මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඒ අතරට එක් වී තිබේ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව වෙනුවෙන් එක්ව සිටී.
අද ආරම්භ වූ චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා සඳහන් කළේ, චීනයේ සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවය.
එමෙන්ම සාමය, සමෘද්ධිය, මිත්‍රත්වය යනාදිය පොදු දැක්ම ලෙස ගනිමින්, අසල්වැසි රටවල් සමඟ පොදු සංවර්ධන ප්‍රතිලාභ හිමි වන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට වඩාත් පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය සූදානමින් සිටින බව ද Wang Dongming මහතා එහිදී අවධාරණය කර තිබේ.