ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ක් තුළ ජීවිත 140ක් අහිමිවෙයි

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ට ජීවිත 140ක් අහිමිවෙයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ට ජීවිත 140ක් අහිමිවෙයි

ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.

ඝාතනයට පත් වූ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.

එමෙන්ම මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදුකළ වෙඩි තැබීම්වලින් වලින්ද 14 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed