රටවල් 13ක දැඩි සාගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් – ජගත් සංවිධානය

0
රටවල් 13ක දැඩි සාගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් – ජගත් සංවිධානය

රටවල් 13ක දැඩි සාගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් – ජගත් සංවිධානය

ලෝකයේ කුසගින්නෙන් පෙලෙන ජනතාව වෙසෙන ප්‍රදේශයන්හි සාගත තත්ත්වයක් ඇති විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අගවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුඩානය, පලස්තීනය, දකුණු සුඩානය, හයිටි හා මාලි යන රාජ්‍යන් ඇතුලු රටවල් 13ක දැඩි කුසගින්න ඉහළ යාමත් සමග සාගත තත්ත්වයක් ඇති විමේ ක්ෂණික අවධානමක් හට ගෙන ඇති බව ජගත් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම රටවල් 13ක අතරින් රටවල් 5ක ඉදිරි මාස කිහිපය තුළදී මෙම තත්ත්වය ඇති විය හැකි බවටයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ගැටුම්, ආර්ථික කඩා වැටීම් හා දේශගුණික විපර්යාසයන් මෙම තත්ත්වය ඇති වීමට හේතු වන බවද එම වාර්තාවේ දැක්වෙනවා.

සුඩානය, පලස්තීනය, දකුණු සුඩානය, හයිටි හා මාලි රාජ්‍යවල ඇති විය හැකි මෙම සාගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආධාර හා උපකාර ලබාදෙන ලෙසයි ජගත් සංවිධාන ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com