නිල්වලා ගඟ මැද ඉදිකර ඇති මහල් 2ක හෝටලය දින 14ක් ඇතුළත ඉවත් කරන ලෙසට නියෝග

0
නිල්වලා ගඟ මැද ඉදිකර ඇති මහල් 2ක හෝටලය

නිල්වලා ගඟ මැද ඉදිකර ඇති මහල් 2ක හෝටලය

නිල්වලා ගඟ මත දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන යන අනවසර අවන්හල දින 14ක් ඇතුළත වහාම ඉවත් කරගන්නා ලෙස 2025.06.16 දින මාතර ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.යූ ධර්මපාල මහතා විසින් මාතර සමූපකාර රෝහලේ සභාපති වරයාට නියෝග කර තිබේ.

වාරිමාර්ග ආඥා පනතේ 65(1), 65(2) හා 66 වගන්ති ප්‍රකාරව අනවසර ඉදිකිරීමක් හෝ අල්ලා ගැනීමක් හෝ වාරිමාර්ග රක්ෂිතයට කරන හානියක් වැළැක්වීම යන වගන්තිය යටතේ මෙසේ නියෝග කර ඇත.

එම නියෝගය මඟින් වැඩිදුරටත් දන්වා සිටින්නේ 2021.08.11 දින DIE/MATA/DO/Resvevetion -1004/2021 ලිපි ශීර්ෂය යටතේ මෙම අනවසර ඉදිකිරීම ඉවත් ගන්නා ලෙස දැනුම් දීම තිබුණත් වසර හතරකට අධික කාලයක් තිස්සේ අනවසරයෙන් පවත්වාගෙන යන බවයි.

රජය යටතේ පාලනය කරනු ලබන ස්වභාවික ගංගාවක අනවසරයෙන් මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම බරපතල වරදක් බවද දන්වා ඇති අතර දින 14ක් ඇතුළත මෙම ඉදිකිරීම ඉවත්කර නොගතහොත් 65(2) වගන්තියෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවන්ට ඇති බලතල ප්‍රකාරව මෙම ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා වැයවන මුදල් රජයේ මුදල් වාරිමාර්ග ආඥා පනතේ 66 වන වගන්තිය ප්‍රකාරව අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com