රිය අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන 773ක්

0
රිය අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන 773ක්

රිය අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන 773ක්

මාර්ග සංවර්ධන අධිකාරියේ හා පළාත් පාලන ආයතනවල අවධානයක් යොමු නොවූ රිය අනතුරු බහුලව සිදු විය හැකි ස්ථාන 773ක් හඳුනාගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉන් ස්ථාන 722ක්ම රිය අනතුරු බහුලවම සිදුවිය හැකි ස්ථාන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ප්‍රධාන මාර්ග ආශ්‍රිතව එවැනි රිය අනතුරු සිදුවිය හැකි ස්ථාන 340ක් තිබෙන අතර, ඉන් ස්ථාන 329ක්ම අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන වන බවත්, පළාත් මාර්ග සංවර්ධන අධිකාරී සීමාවන්ට අයත් අනතුරු සිදුවිය හැකි ස්ථාන 156ක් තිබෙන අතර, ඉන් 150ක් බහුලව අනතුරු සිදුවිය හැකි ස්ථාන බවත්, පළාත් පාලන ආයතන සීමාවන්ට යටත් ස්ථාන 277ක් තිබෙන අතර, ඉන් ස්ථාන 243ක් බහුලව අනතුරු සිදුවිය හැකි ස්ථාන බවත් පොලිස් මූලස්ථානයට වාර්තා කර තිබෙනවා.

මෙම මාර්ග කඩිනමින් ආරක්ෂිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට හා පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com