ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසල 35 දෙනෙකු මරුට

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසල 35 දෙනෙකු මිය යයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසල 35 දෙනෙකු මිය යයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසල සිටි 35 දෙනෙකු ඝාතනයට පත්වි තිබේ.

මධ්‍යම ගාසා තීරයේ ඇමරිකා සහාය ලබන ගාසා මානුෂීය පදනම විසින් ක්‍රියාත්මක කරන ආධාර මධ්‍යස්ථානයක සිටි පිරිසක් මෙසේ මිය ගොස් තිබේ.

ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වල වෛද්‍ය නිලධාරීන් මෙය තහවුරු කළා.

එම ප්‍රදේශයට දකුණින් ඛාන් යුනිස් හි ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින්ද තවත් දස දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සඳුදා දිනයේ(10) කියා සිටියේ ගාසා තීරයේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් යන රාජ්‍යයන් උත්සාහ කළද, ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය ඔවුන්ගේ මූලික ඉල්ලීම් වෙනස් කිරීමට මෙතෙක් කැමැත්තක් දක්වා නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com