ජුනි 15 සිට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය කාර්ය මණ්ඩලයේ සහාය

ජුනි 15 සිට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය කාර්ය මණ්ඩලයේ සහාය
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි.
ඒ අනුව 1971 දුරකතන අංකය ඇමතීමෙන්, ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කළ යුතු වනවා.
දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ, ලබන 15 වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.