ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් සිව් දෙනෙක්

0
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 4ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

තරගාවලිය වෙනුවෙන් නම් කළ ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම්කර ඇති නවක ක්‍රීඩකයින් වන අතර, වසර 06 කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇති බවද සඳහන් වේ.

බංග්ලාදේශයට එරෙහිව පළමු ක්‍රිකට් ටෙස්ට් ලබන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed