පලස්තීනුවන් 31 දෙනකු ඝාතනය වීම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

පලස්තීනුවන් 31 දෙනකු ඝාතනය වීම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසලදී පලස්තීනුවන් 31 දෙනකු ඝාතනය වීම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ සහායෙන් ඊශ්‍රායල රජය විසින් ගාසා තීරයේ රෆා නුවර පවත්වාගෙන යනු ලබන සහනාධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල පසුගියදා සිදුවූ එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලැබූ අතර. එය ඊශ්‍රායල හමුදාවෙන් සිදු කළ බවට හමාස් සංවිධානය චෝදනා කර තිබිණි. ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට එක්රොක් වූ පලස්තීන ජනතාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ ඉල්ලීම කර ඇත්තේ ‘ආහාර වෙනුවෙන් සිය ජීවිත අනතුරට දමා ගැනීමට පලස්තීනුවන්ට සිදුවීම කනගාටුවක්‘ බව සඳහන් කරමිනි.