ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ රැකියා ලක්ෂයක්

0
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ රැකියා ලක්ෂයක්

ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ රැකියා ලක්ෂයක්

ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා පවසයි.

ඒ මාලදිවයින මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද දින (02) අමාත්‍යංශයේ පැවැති අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන රැකියා ඛාණ්ඩවල රැකියා අවස්ථාවන් වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද තරදුරටත් මසූද් ඉමාද් මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට දන්වා සිටියේය.

මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මසූද් ඉමාද් මහතා කියා සිටියේ ඒ පිළිබඳව මාලදිවයින රජයේද අවධානය යොමු වී ඇති අතර එම ගැටලුකාරී අවස්ථා විසඳීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඇති අවස්ථා පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com