මිලියන 300ක වියදමින් ඉදිකළ ඌව පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත කෙරේ.

0
මිලියන 300ක වියදමින් ඉදිකළ ඌව පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත කරයි

මිලියන 300ක වියදමින් ඉදිකළ ඌව පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත කරයි

මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත කර තිබෙනවා.

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ දින (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත කර තිබේ.

ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනන් මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉඳි කරන ලදි.

ඊට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රිකට් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 14ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂ 03 බැගින් වූ වටිනාකමකින් යුතු ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම ද සිදුකළ අතර, ප්‍රදර්ශනාත්මක දැල්පන්දු තරඟයක්ද පවත්වා තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, ප්‍රාදේශිය සභා ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙන අතර ක්‍රීඩා අමාත්‍ය  සුනිල් කුමාර ගමගේ,සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com