වසරේ මුල් මාස 04 දී පමණක් අල්ලස් පැමිණිලි 1726ක්

0
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 04 දී පමණක් පැමිණිලි 1726ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

පැමිණිලි කමිටුව වෙත මෙහිදි පැමිණිලි 1352ක් ලැබී ඇති අතර, විමර්ශන කටයුතු සදහා නියෝග ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 200ක්.

එම කොමිසම සදහන් කළේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ අල්ලස් පනතට අදාළ නොවීම නිසා විමර්ශන නොකිරීම සදහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 450ක් වන බවයි.

මේ අතර, මෙම කාල සීමාවේදී අල්ලස් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 24ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 07ක්, අයුතු වත්කම් ඉපයීම සම්බන්ධයෙන් නඩු 02ක් සමග නඩු 33ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com