ගමන් බලපත් නිකුත් කිරීමේ පැය 24 දිවා රාත්‍රී සේවය හෙටින් අවසන්

0
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය මෙලෙස හෙට (30) දිනයෙන් අවසන් වේ.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සිදුකරනු ඇත.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීමද පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා සිදු කෙරේ.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙ.ව. 7:00 සිට ප.ව 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *