ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක්

0
ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක්

ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2025 -01-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අත් දැකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, ජාතික ඩිජිටල් උපාය මාර්ග වලින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථාවර සහ හොඳින් නිර්වචනය කරන ලද ආයතනික ව්‍යුහයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙන බව සඳහන්.

එම කරුණු සැලකිල්ලට ගෙන, දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් ‘GovTech (Pvt) Limited’ නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com