නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුවා.
2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වනවා.
විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතයි.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමටද නියමිතයි.