ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

0
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

සමාජමාධ්‍ය සහ අන්තර්ජාලය හරහා අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදුකරන ඇතැම් පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇතැම් සමාජමාධ්‍ය ඔස්සේ අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව, යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කළේ.

ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසටය.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් දැක්වීමේදී වගකිවයුතු කතිකාවක්, නිසි ක්‍රියාවලියට ගරු කිරීම සහ ගෞරවය ආරක්ෂා කිරීමට වගබල ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com