බටලන්ද වාර්තාව අධ්‍යයනයට නීතිපතිගෙන් කමිටුවක්

0
බටලන්ද වාර්තාව අධ්‍යයනයට නීතිපතිගෙන් කමිටුවක්

බටලන්ද වාර්තාව අධ්‍යයනයට නීතිපතිගෙන් කමිටුවක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක් නීතිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

මෙම කමිටුවේ ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියට හිමිව ඇති අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන අය කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද සම්බන්ධයෙන් මෙම කමිටුව කරුණු අධ්‍යනය කරනු ලබනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com