වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901ක්
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවය.
ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 48ක ප්‍රතිශතයක් වන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
එමෙන්ම චිකන්ගුන්‍යා රෝගීන් වාර්තාවීමද මෙම කාලය තුළ ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.




