රන් මිල පහළට
රත්‍රං මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසය.
මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද(14) වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.




