නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය

2026 වර්ෂයේ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්.ජේ.එම්.සී.ඒ.ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025‑05‑06 දිනෙන් අවසන් විම හේතුවෙන්.
පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඒ.කේ.සුභාෂිණී ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.