අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා විශේෂඥ කමිටුවක්

අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා විශේෂඥ කමිටුවක්
රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අධිකරණ පද්ධතියේ සිදුවන ප්‍රමාදයන් වැලැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් රජයේ මැතිවරණ ප්‍රකාශනය මඟින් යෝජනා කර තිබුණා.
අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකිවන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම එමඟින් අපේක්ෂා කරනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින්ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීම යෝජනා කර තිබෙනවා.
ඒ අනුව එවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සඳහන්.