අමෙරිකාව සමඟ ආර්ථික ගිවිසුම්ගත වන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්

0
අමෙරිකාව සමඟ ආර්ථික ගිවිසුම්ගත වන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සමඟ ආර්ථික ගිවිසුම්ගත වන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සහ චීනය අතර උද්ගත වී ඇති තීරුබදු යුද්ධය හේතුවෙන් චීනයට අහිතකර බලපෑම් එල්ල වන වෙළෙඳ ගනුදෙනුවකට අමෙරිකාව සමඟ ගිවිසුම්ගත වන ලොව ඕනෑම රටකට එරෙහිව දැඩි ආර්ථික තීරණ ගන්නා බවට චීනය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ එම අනතුරු ඇඟවීමෙන් අමෙරිකාව සමඟ වඩාත් සාර්ථක ආර්ථික ගනුදෙනුවක් සිදු කිරීමේ හැකියාව ඇති ඉන්දියාව සහ ජපානය වැනි රටවලට බලපෑම් එල්ල වනු ඇතැයිද එම සමාගම ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ලෝක ආර්ථික යුද්ධයෙන් චීනය ඈත් කිරීමේ අරමුණ ඇතිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට එරෙහිව පනවනු ලැබූ ඉහළ තීරුබදු ලෝක ආර්ථිකය පහත වැටීමට හේතු වී ඇතැයිද, එය නැවත යථා තත්ත්වයට පත් කරගැනීමට අමෙරිකාවට මෙන්ම චීනයට හිතකර වනු ඇතැයිද ජෙෆර්ජි මූල්‍ය සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com