හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට,ස්ථාන මාරු

0
CIDයට කෝල් කළ, හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට,ස්ථාන මාරුවක්

CIDයට කෝල් කළ, හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට,ස්ථාන මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරු කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය බව පවසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් හේතුවෙනි.

පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා දිගු කලක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයා විසින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com