පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ ප්‍රබලයන් සම්බන්ධ වුණා! – ෆොන්සේකා

0
පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ ප්‍රබලයන් සම්බන්ධ වුණා! - ෆොන්සේකා

පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ ප්‍රබලයන් සම්බන්ධ වුණා! - ෆොන්සේකා

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවත් ඊට බුද්ධි අංශවල ප්‍රබලයන් සම්බන්ධ බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මොනරා යූටියුබ් නාළිකාව වෙනුවෙන් මොණරා පුවත්පතේ කතෘ ආරියනන්ද දොඹගහවත්ත සමඟ කළ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඔවුන්ගේ නම් තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත්, ඇතැම් ජනරාල්වරුද ඊට සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බවත් හෙතෙම පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරණයෙන් ජය ගැනීමත් සමඟ ප්‍රහාරයට සහාය වූ නිලධාරීන්ට පබල තනතුරු හිමි වූ බවද ඔහු පෙන්වා දී තිබේ.

‘මම පාර්ලිමේන්තුවේදී කිව්වා. පුළුවන් නම් හැන්සාඩ් එක අරගෙන බලන්න. මම එළියට ගිහින් කිව්වොත්, මට නීතිඥයෝ අල්ලාගෙන නඩු කිය කියා ඉන්න වෙනවා. ඒ මිනිස්සුත් අනිවාර්යයෙන් ලැජ්ජාවට නීතිඥයන් පස්සේ යයි. මටත් වෙලාව නාස්ති කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණයක් තිබුණා. බුද්ධි අංශවල ප්‍රබලයන් සම්බන්ධ වෙලා තිබුණා. නම්ගම් පාර්ලිමේන්තුවේ කිව්වා. සමහර හමුදාවේ හිටපු ජෙනරල්ලා මේකට සම්බන්ධයි කියලා විශ්වාස කරනවා. ඒගොල්ලෝ නැගෙනහිර පැත්තේ රාජකාරීත් කරනවා. සහරාන්ට පඩි ගෙවන්න පටන් ගත්තේ ඒගොල්ලන් තමයි. ඒගොල්ලෝ තමයි ප්‍රතිඵල ලබා ගත්තේ. පාස්කු ප්‍රහාරය ඉවරවෙලා ගෝඨාභය දිනුවයින් පස්සේ ඒ ඒ නිලධාරීන් ප්‍රබල තනතුරුලට ආපහු ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ අවශ්‍ය පරිදි සියලු දේ යටපත් කරගෙන මේවා වුණා. හිටපු ජනාධිපති ප්‍රහාරය වෙනකොට කියා තිබුණා, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළේ කවුද කියලා මට කියන්න බෑ. ඒක පොඩි ළමයෙක් වුණත් කියන්න බය නෑනේ. නැගෙනහිර ත්‍රස්තවාදී නායකයෝ දෙන්නා කරුණායි, පිල්ලෙයානුයි. ඒ නම් දෙක කියන්න බයයි පාස්කු ප්‍රහාරය එනකොට හිටපු සේනාධිනායකයා. ඒවා කියන්න බෑ කිව්වොත් මට වෙඩි තියයිලු. ඒ වගේ පුද්ගලයෙක් තමයි සේනාධිනායකයා හිටියේ. එතකොට පරිසරය තිබුණා. ප්‍රහාරය එල්ල වුණායින් පස්සේ ක්‍රියාත්මක වුණේ නෑ. ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වේත් නෑ. හිටපු සේනාධිනායකයා කෝල් එකක් දීලා කිව්වා, අගමැති කැඳෙව්වත් යන්න එපා කියලා. නොයෙක් අය නොයෙක් ආකාරයෙන් මේකට දායක වුණා.‘යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත්, ඔහු දේශපාලනඥයෙකු ලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුණු අතර, සුන්දර ඒකාධිපතියෙකුට රට හැදිය හැකි බව එහිදී ප්‍රකාශ කර තිබුණි.

– What News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com