ජනපති අරමුදලින් ප්‍රතිකාර ගත් මහජන නියෝජිතයින් 22කු ගැන තොරතුරු දෙන්නැයි අධිකරණයෙන් නියෝග

0
දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් දීලා

දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් දීලා

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ලබා ගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි, රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමිනි.

විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර ලබා ගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද අධිකරණය නියෝග කළේය.

2008 සිට 2014 දක්වා ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් 22 දෙදෙනෙකු රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදු කරයි.

ඊට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com