බොරු ලේඛණවලින් රු. කෝටි 03ක් පමණ වටිනා දේපළ අත්පත් කරගත් කාන්තාවක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
බොරු ලේඛණ සකස් කර රුපියල් කෝටි 03ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරිය වයස අවුරුදු 64ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක්. එමෙන්ම ඇය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බව සඳහන්.
සැකකාරිය ඊයේ දිනයේදී (29) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.




