රුසියාවට තම හමුදා යැවූ බව උතුරු කොරියාව තහවුරු කරයි

රුසියාවට තම හමුදා යැවූ බව උතුරු කොරියාව තහවුරු කරයි
යුක්රේන රුසියා යුද්ධය වෙනුවෙන් තම හමුදා යැවූ බව උතුරු කොරියාව තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට හමුදා යැවූ බව උතුරු කොරියාව ප්‍රථම වරට තහවුරු කර තිබේ.
රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සියක් වන කේ සී එන් ඒ හි වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් දෙන ලද නියෝගයකට අනුව මෙලෙස සිදු කර ඇති බවයි.
තම සොල්දාදුවන් රුසියානු හමුදාවන්ට කර්ස්ක් දේශසීමා කලාපය “සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට” උදව් කළ බව උතුරු කොරියා හමුදාව කියා සිටිනවා.
රුසියානු මාණ්ඩලික ප්‍රධානි වැලරි ජෙරසිමොව් උතුරු කොරියා හමුදාවල “වීරත්වය” පිළිබඳ ප්‍රශංසා කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශ නිකුත්වීම විශේෂත්වයක්.