රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධීන් 30ක් – පැෆරල් සංවිධානය

රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ සිද්ධීන් 30ක් - පැෆරල් සංවිධානය
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.
ඒ සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් අතරින් සිද්ධීන් 14ක් තහවුරු වී ඇතැයිද හෙතෙම කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉකුත් බ්‍රහස්පතින්දා දින (24) පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 322ක් මේ වන විට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇති අතර, ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් ඒ අතර ඇති බවත් ඉන් 17ක් තහවුරු වී ඇති බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ඡන්ද දායකයන්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් සිද්ධීන් 38ක් වාර්තා වී තිබෙන බවත් අපේක්ෂකයන් 70,000ක ප්‍රමාණයක් තරග කරන තත්ත්වයක් තුළ එය බරපතළ තත්ත්වයක් නොවන බවත් කීවේය.
අපේක්ෂකයන් රැසක් අත්අඩංගුවට ගැනීම්ද වාර්තා වන බව පැවසූ ඒ මහතා, එක් අපේක්ෂකයකු ඝාතනය වී ඇති නමුත් එය මැතිවරණයට ඍජු සම්බන්ධයක් ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවද ප්‍රකාශ කළේය.
රාජ්‍ය බලය සහිතව යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ඍජු බලපෑමක් එල්ල නොවුණත් ඉන් වක්‍ර බලපෑමක් ඡන්දදායකයන්ට එල්ල විය හැකි බවද හෙතෙම කියා සිටියේය.