කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම්

0
කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම්

කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම්

ශ්‍රී ලංකාව පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව මිල්කෝ පුද්ගලික සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ, දේශීය කිරි ව්‍යවසායකයින් 500ක් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම අලෙවිසැල් ස්ථාපිත කිරීමට අදහස් කෙරෙන බවයි.

මෙම පියවර මඟින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ නැවුම් කිරි නිෂ්පාදන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගන්නා බව මිල්කෝ සභාපති ජී.වී.එච්. ගෝඨාභය මහතා පවසන අතර
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වන ව්‍යවසායකයින් සඳහා එම බැංකුව මඟින් මූල්‍ය හා සැපයුම් සහාය ලබා දෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com