SMS පණිවිඩය නතර කිරීමෙන් අපි ලක්ෂ 980ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

0
SMS පණිවිඩය නතර කිරීමෙන් අපි ලක්ෂ 980ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

SMS පණිවිඩය නතර කිරීමෙන් අපි ලක්ෂ 980ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්දට සුබ පතමින් යොමු කරන්න sms පණිවිඩය නතර කිරීමෙන් ලක්ෂ 980ක මුදලක් රටට ඉදිරි කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා.

මෙවරත් එවැනි සුබ පැතුම් පණිවිඩයක් ලැබීමට නියමිතව තිබූ නමුත් එය මෙවර නතර කළ බව ඇය කියා සිටියාය.

නිලන්ති කොට්ටහච්චි මහත්මිය තවදුරටත් සඳහන් කළේ පසුගිය වසරේ පමණක් එම sms පණිවිඩය සඳහා ලක්ෂ 980ක මුදලක් වැය වී ඇති බවයි.

“අපේ සල්ලි අරගෙන අපිටම සුබ පතලා sms ගහපු ඒ ක්‍රමය අපේ නායකත්වයෙන් වෙනස් කරලා තියෙන එකම අපි ලබපු ජයග්‍රහණයක්, නායකයෙක් ඉන්න ඕන අවුරුද්දට අපිට sms ගහන්න නෙමෙයි, අපි ගෙවන බදුවලින් නැවත වතාවක් මහ පොළොවේ ජීවත් වෙන අපිට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් විදියට ඒ මුදල් බිමේ වැඩවලට යොදවන එක තමයි වෙන්න ඕන, අපි පත්කරගත්ත මුල් පුරවැසියා හරියට ඒ වැඩේ කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com