රු. 6,29,76,000ක කුෂ් සමඟ කාන්තාවන් 3න් දෙනෙකු අත්අඩංගුවට

0
රු. 6,29,76,000ක කුෂ් සමඟ කාන්තාවන් 3ක් අත්අඩංගුවට

රු. 6,29,76,000ක කුෂ් සමඟ කාන්තාවන් 3ක් අත්අඩංගුවට

රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද දින (19) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් තිදෙනා, කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංච් අවුරුදු 25, 48 සහ 50 වයස් වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් පිරිසකි.

ඔවුන් කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් බරැති මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන, ඒවා සිය ගමන් මලු 04ක සගවා ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ තිබේ.

ඉන්පසුව ඔවුන් අද දින අලුයම 12.00ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම කාන්තාවන් පිරිස ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සමග අද දින (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com