අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග රු.කෝටි 40කට වැඩි මුදලක් භාවිත කර නෑ

0
අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග රු.කෝටි 40කට වැඩි මුදලක් භාවිත කරලා නෑ

අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග රු.කෝටි 40කට වැඩි මුදලක් භාවිත කරලා නෑ

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලිටිල් හාට් ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි හැට දෙකකට වැඩි මහජන අරමුදල් (2023 වන විට) රැස් කර තිබුණද එම මුදල්වලින් වැය කර තිබුණේ, රුපියල් කෝටි අටක් පමණක් බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම එම රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වැඩ දියුණු කිරීම සඳහා පරිත්‍යාගශීලීයකු සිය අන්තිම කැමති පත්‍රයකින් දී තිබූ රුපියල් කෝටි හතරක් මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලැබුණු රුපියල් කෝටියකට වැඩි මුදලක් අදාළ කාර්යන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විවිධ ව්‍යාපෘති හතරකට අදාළව ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි පරිත්‍යාග මුදල් අරමුණු ගත කාරයන් ඉටු කිරීම සඳහා යොදවීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාවේ දැක්වෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2023 වාර්ෂික වාර්තාවේයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com