දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320 දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 03 වන දින සිට 12 දිනය දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම වැටලීම්වලදී සුරාබදු විධි විධාන කඩකරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 03කට මුද්‍ර තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
(12),(13) සහ (14) යන දිනවල දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව මින් පෙර නියෝග කළා
කෙසේවෙතත්, සංචාරක මණ්ඩලයේ අනුමැතිය හිමි තුන්වන තරු පන්තියේ හෝ ඊට ඉහල හෝටල වල නේවාසික බලපත්‍රය සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ස්ථානයන්හි නේවාසිකව සිටින සංචාරකයන්ගේ අවශ්‍යතාවය මත පමණක් අදාළ සේවා සැපයීමට අනුමැතිය ලබාදී තිබෙනවා.