පිල්ලෙයාන් දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

0
පිල්ලෙයාන් CIDයේ සිටි රක්ෂිත බන්ධනාගාරයට

පිල්ලෙයාන් CIDයේ සිටි රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.

පසුගිය 8 වැනිදා රාත්‍රී ඔහු මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ, පුද්ගලයෙකු පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණවී ඇති බවයි.

පසුගිය පාලන සමයන්හිදී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් පසුව රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com