ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඝාතනයට පත්වන හා තුවාල ලබන පලස්තීන වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

0
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මිය යන හා තුවාල ලබන පලස්තීන වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මිය යන හා තුවාල ලබන පලස්තීන වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 29 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාර ගේතුවෙන් දිනෙන් දින ඝාතනයට හා තුවාල ලබන පලස්තීන වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට සහන කණ්ඩායම් අනතුරු අඟවනවා.

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම ඊශ්‍රායලය අවහිර කිරීම හේතුවෙන් සිදු වන මරණ හා පැතිර යන වසංගත රෝගී තත්ත්වයන් ඉහළ යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ.

එමෙන්ම දස දහසක පමණ පිරිසකට හැකි ඉක්මනින් සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

දෙපාර්ශ්වය අතර යුද ගැටුම් ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 50886 දෙනෙකු ඝාතනයට පත්ව ඇති අතර එක්ලක්ෂ පහළොස් දහස් අටසිය හැත්තෑ පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com