කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

0
‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දින (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එලෙස අතුරු තහනම් නියෝග නිකුත්කර ඇති සෙසු පළාත් පාලන ආයතන වන්නේ හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන්ය.

සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නියෝග කර තිබේ.

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වනදා පැවැත්වීමටද නියම වුණි. එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වෙයි.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com