සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්
සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අද දින (06) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවන්.
අද දින (06) සිට මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ලබන 16 වනදා සිට 29 වනදා දක්වා සිදු කරනු ඇත.




