පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාග නිර්දේශ අතරට
 
                පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාග නිර්දේශ අතරට
සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මෙවර නොබෙල් සාම ත්‍යාග නිර්දේශ ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘවරයාද වන 72 හැවිරිදි ඉම්රාන්, නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කර ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය බලාත්මක කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර සංවිධානයක් වන පාකිස්තාන ගෝලීය සන්ධානය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු කළ කැපවීම උදෙසා ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කළ බව පාකිස්තාන ගෝලීය සන්ධානය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මීට පෙර 2019 වසරේදීද නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වූ බව වාර්තා වේ.
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා විවිධ සංවිධාන ඇතුළුව නාම යෝජනා 338ක් ලැබුණු බව නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. මාස 8ක පමණ දීර්ඝ කාලයක් පුරා සිදු කරන ක්‍රියාවලියකින් පසු නොබෙල් සාම ත්‍යාගය සඳහා වන ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        