අමෙරිකාව පැනවූ තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න පත් කළ කමිටුව ජනපති හමුවෙයි
 
                අමෙරිකාව පැනවූ තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න පත් කළ කමිටුව ජනපති හමුවෙයි
අමෙරිකාව විසින් පනවනු ලැබූ නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
අද දින (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවේදී මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහා පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        