මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතුවක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වෙලා
මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි.
අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත් ඉන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.