ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු ඊශ්‍රායල හමුදාව විසින් පැහැර ගනී

0
ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු ඊශ්‍රායල හමුදාව පැහැර ගනී

ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු ඊශ්‍රායල හමුදාව පැහැර ගනී

ඔස්කාර් සම්මානලාභී පලස්තින සිනමාකරු හම්ඩාන් බලාල් බටහිර ඉවුරේ සිය නිවෙසේ සිටියදී ඊශ්‍රායල හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔස්කාර් සම්මාන උලෙළේදි හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු වන හම්ඩාන් පැහැරගැනීමට පෙර ඔහු පදිංචිව සිටි බටහිර ඉවුරේ හෙබ්‍රොන් නුවර සුස්යා ගම්මානයට කඩා වැදුණු ඊශ්‍රාලය ජාතිකයන් පිරිසක් ඔහුට පහරදී දරුණු තුවාල සිදු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඊශ්‍රායල ජාතිකයන්ගේ පහරදීමට ලක්වූ සිනමාකරු රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් කැඳවූ මොහොතේදී ඊශ්‍රායල හමුදා කණ්ඩායමක් පැමිණ ඔහු පැහැරගෙන ගිය බව No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු වන යූවල් ඒබ්‍රහම් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබා ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com